Monday, September 6, 2010

තෘප්තිමත් වීම......... 1

මිනිහෙකුට විවාහය තුළ තෘප්තිමත් වෙන්න පුලුවන්ද? එක ගෑනියෙක් ගෙන් මිනිහෙක් වත්..එක මිනිහෙක්ගෙන් ගෑණියෙක්වත් ඇත්තටම තෘප්තිමත් වෙනවද? නෑ එහෙම වෙන්නෑ ..මිනිස්සු හැමෝගෙම හිත් අස්සේ හැඟිච්ච ආශාවක් තියෙනවා..සමහර අය මෙ හැන්ගිලා තියෙන ආශාව සුදුසු වෙලාවක් ආවහම ලෝකෙට රහසින් ඉශ්ඨ කරගන්නවා..සමහර අය ඒ අශාවන් තමන්ගේ පවුල ආදරය වෙනුවෙන් වලදානවා...ගොඩක් වෙලාවට එහෙම කරන්නේ ගෑණියෙක්...
එහෙම පිරිමින් නැහැමයි කියලා මම කියන්නෑ එත්  ගොඩක් අය තමන්ට ලෝකයට හොරෙන් අවස්තාවක් ලැබුනොත් ඒක බැහැර කරන්නෙත් නෑ ..ගොඩක් වෙලාවට ගෑණියෙක් හදන්නේ තමන්ගේ පවුල රැකගන්න..දරුවෙක් ලැබුනාට පස්සේ ගෑණියෙක් ගෙ ජිවිතේ හුඟක් දේවල් දරගෙන ඉන්න හුරු වෙනව..මම කතා කරන්නේ කොළඹ ඉන්න මොඩ් වෙච්ච අම්මල ගැන නෙවෙයි. කට ඇරලා අම්ම කියන්න පුලුවන් අම්මලා ගැන..පිරිමියෙක් කොච්චර තමන් අතින් වැරදි වුනත් බලාපොරොත්තු වෙන්නේ පිරිසිදු කැළලක් නැති ගෑණියෙක්. පිරිමියෙක් ගේ හිත ඇතුළේ ඉන්නේ සර්පයෙක්..ඒ සර්පය අවදිවෙන වෙලාව අපිට කියන්න බෑ.පිරිමියෙක් හුඟක් වෙලාවට තමන්ගේ ආශාවන් ඉශ්ඨ කර ගන්නවා. ඒත් ගෑණියෙක් තමන්ගේ අශවන් යටපත් කරගෙන ආදරේ වෙනුවෙන් විදවනවා.